ජෝන්ස්ටන්ට නොතීසි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

ජෝන්ස්ටන්ට නොතීසි

ජෝන්ස්ටන්ට නොතීසි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසකට ලබන මස 4 වෙනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.

 

ඒ 2010 වසරේ එවකට වෙළඳ අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම මගින් රජයට පාඩු සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව පැවරූ නඩුවකට අදාලවයි.

 

මොහුට අමතරව සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ වරයෙකු වන මොහොමඩ් සාකිර්ට ද එරෙහිවද මෙලෙස සිතාසි නිකුත් කර තිබුණා.

 

 

views

217 Views

Comments

arrow-up