පාසල් සිසුවකු ඇතුළු තරුණයන් දෙදෙනකු ජල රකුසාට බිලි

දෙහිඅත්තකණ්ඩිය හේනානිගල දකුණු වැවේ දියනෑමට ගිය හබරාදූව ප්‍රදේශයේ පාසල් සිසුවකු ඇතුළු තරුණයන් දෙදෙනකු අද (4) අලුයම දියේ ගිලී මියයාමේ ඛේදනීය සිදුවීමක් දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් වාර්තා වී තිබෙනවා.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 17ක සහ 19ක තරුණයන් දෙදෙනෙකි. පොලීසිය සඳහන් කළේ, පෙරේදා (3) දෙහිඅත්තකණ්ඩිය හේනානිගල ප්‍රදේශයට 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බස් රථයකින් පැමිණ ඇති බවයි.
අද පෙරවරුවේ මෙම තරුණයන් දෙදෙනා තවත් පිරිසක් සමග දිය නාමින් සිටියදී පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර දිය නාමින් සෙසු පිරිසකගේ කෑ ගැසීම ඇසී ප්‍රදේශවාසීන් පැමිණ තරුණයන් දෙදෙනා ගොඩගෙන දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකු ඇතුළත් කිරීමෙන් පසු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
173 Views
Comments