හෘද රෝගීන් 8,000කගේ ජීවිත මේ අවදානමක
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

හෘද රෝගීන් 8,000කගේ ජීවිත මේ අවදානමක

හෘද රෝගීන් 8,000කගේ ජීවිත මේ අවදානමක

පසුගිය 06 වනදා සිට මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකෙන් එකක් සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙන බැවින් හෘද රෝග හඳුනාගැනීමට හා ප්‍රතිකර්ම කිරීමට පොරොත්තු ලේඛනයේ රැඳීසිටින රෝගීන් 8,000කගේ පමණ ජීවිත මේ නිසා අවදානමකට ලක්වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙනු ලබයි.

 

 

හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතා හඳුනාගැනීම, ඒ සඳහා ස්ටෙන්ට් ප්‍රතිකර්ම සිදුකිරීම, හෘදයේ සිදුරු හඳුනාගැනීම හා ප්‍රතිකර්ම කිරීම ඇතුළු රෝග විනිශ්චය හා ප්‍රතිකර්ම රැසක් හෘද කැතීටකරණ ඒකකයෙන් සිදුකරනු ලබන අතර එම පරීක්ෂණ සඳහා යොදා ගන්නා හෘද කැතීටකරණ යන්ත්‍ර 14ක් දිවයින පුරා රෝහල් 11ක ස්ථාපිත කර ඇති අතර ඉන් 2ක් මහනුවර ජාතික රෝහලේ ඇත.

 

 

2006 වසරේදී ස්ථාපිත කෙරුණු යන්ත්‍රයක් පසුගිය 06 වනදා සිට සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.

 

 

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පැවසුවේ දිවයින පුරා රෝහල් කිහිපයක විකිරණ ප්‍රතිකාර ඒකක, රසායනාගාර පරීක්ෂණ, වකුගඩු ක්‍රියාකාරී ඒකක අඩපණ වී ඇති බවයි.

 

 

රෝහල් පද්ධතිය තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150ත් 200ත් අතර ප්‍රමාණයක හිඟයක් තවදුරටත් පවතින බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

 

 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙසයි. සාපේක්ෂව සියයට 15 ක පමණ ප්‍රමාණයකින් අවම වශයෙන් ඖෂධ මිල අඩුවිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

 

 

 

views

302 Views

Comments

arrow-up