කුරුණාගල විෂන් කෙයා වෙතින් විශේෂ සේවා රැසක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

කුරුණාගල විෂන් කෙයා වෙතින් විශේෂ සේවා රැසක්

කුරුණාගල විෂන් කෙයා වෙතින් විශේෂ සේවා රැසක්

විසි වසරකට අධික කාලයක් පුරා කුරුණෑගල නගරයේත් ඒ අවට ප්‍රදේශවලත් පාරිභෝගික ජනතාව සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව උසස් මට්ටමේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවාවන් ලබා දෙන කුරුණෑගල, උඩුවල්පොල පාර, අංක 22/2, Aselro ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි විෂන් කෙයා කුරුණෑගල ශාඛාව විසින් සිය පාරිභෝගිකයින්ට පුළුල් පරාසයක අක්ෂි සහ ශ්‍රවණ සත්කාර විසඳුම් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණෙන් අති නවීන පහසුකම් සමග අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකයක් පිහිටුවා ඇති බව වාර්තා වේ.

 

මෙම නව අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකය හරහා රෝගීන්ට අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත රෝග සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් සේවාවන්, OCT, දෘෂ්‍ය ක්ෂේත්‍ර පරීක්ෂණ (Visual Field Test), Fundus Photography සහ Vision Therapy ඇතුළු පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත පරීක්ෂණ සේවාවන් රැසක් ලබා ගැනීමට හැකි වන බව විෂන් කෙයා ආයතනය නිවේදනය කොට සිටී.
 

views

327 Views

Comments

arrow-up