තහනම් කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග දිවුලපිටියේදී දෙදෙනෙක් දැලේ

ආනයනය තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු දිවුලපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40 සහ 45 වයස්වල පසුවන වැල්ලවාය සහ දියතලාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.
විවිධ වර්ගයේ කෘෂි රසායන පැකට් 1950 ක් මෙහි දී සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් දහසය ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සියයක් බව පොලිසිය සඳහන් කර සිටී.
244 Views
Comments