ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් රට පුරා කොස් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් රට පුරා කොස් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් රට පුරා කොස් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

"ගුවන් හමුදා හෙරළි පෙරළි" නමින් ක්‍රියාත්මක කෙරෙන රට පුරා කොස් පැළ මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කදවුරේදී ඊයේ (01) ආරම්භ කෙරිණ.

 

මෙම වැඩසටහන යටතේ මෙම වසරේදී පමණක් කොස් පැළ 75000 ක් වගා කිරීමට අපේක්ෂා කෙරේ.

 

රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර, කොස් ආශ්‍රිතව දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත් කොස් ආශ්‍රිත ආහාර ලාංකීය ජනතාව අතරට ගෙන යාමත් මෙහි අරමුණ වේ.

 

කොස් පැළ වගාව සම්බන්ධයෙන් ලියවුණු "ගුවන් හමුදා හෙරළි පෙරළි" ග්‍රන්ථය ද මෙහිදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබූ අතර, මෙම ග්‍රන්ථයේ කොස් වගාවට අමතරව ඒ හා සබැඳි නිෂ්පාදන පිළිබඳ අන්තර්ගත වී ඇති බව සඳහන් වේ.

views

276 Views

Comments

arrow-up