බස් රථයකදී හෙදියකට ලිංගික අතවර කළ පොලිස් පරීක්ෂක දැලේ

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දොඩන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු කොළඹ සිට අලුත්ගම දක්වා ගමන් කළ බස් රථයක් තුළදී හෙදියකට සිදු කළ ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
නිල ඇඳුමින් සැරසී බස් රථයේ ගමන් කරමින් සිටි විසිපස් හැවිරිදි හෙදියකට ලිංගික හිංසනයක් සිදුකරන අවස්ථාවේ මෙම හෙදිය කලබලයට හා අපහසුතාවයට පත්වනු දුටු එම බස් රථයේ ගමන් ගත් සිවිල් ඇඳුමෙන් සිටි අලුත්ගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන තවත් සැරයන්වරයෙකු ඊට මැදිහත් වී මෙම සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
242 Views
Comments