FEB
01
උසස් පෙළ උපකාරක පන්ති අද රෑ සිට තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම යනාදිය අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති බවය.
2021-2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 07 වන දින සිට මාර්තු මස 05 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
587 Views
Comments