බස් වර්ජනයක්

හොරණ - කොළඹ ඇතුළු හොරණ නගරයෙන් ගමන් ආරම්භ කෙරෙන මාර්ග හතක බස් ධාවනයෙන් අද(25) උදෑසන සිට ඉවත්වූ බව ඉංගිරිය - හොරණ පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති එච්. ඩි. බි. කුමාර මහතා පැවසීය.
ඒ මතුගම මෝල්කාව හරහා කොළඹ දක්වා අලුතින් පෞද්ගලික බස් රථයක් ධාවනයට එක් කිරීමට විරෝධය පළ කරමිනි.
හොරණ සිට කොළඹ, ප්‍රධාන බස් මාර්ගයේ මෙන්ම හොරණ කඩවත අධිවේගී මාර්ග හරහා සුඛෝපබෝගී බස් රථ ඇතුළු හොරණින් ආරම්භ කරන බස් මෙලෙස ධාවනය නොවන බව හොරණ පෞද්ගලික බස් රථ සංගමය සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
707 Views
Comments