කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව යළි ඉහළට

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 31ක් තෙක් ඉහළ ගොස් ඇතැයි එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
එම රෝහලේ පසුගිය මස මුල ප්‍රතිකාර ලැබූවේ දරුවන් සිවු දෙනකු පමණක් බවත් ඔහු පැවසීය.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමාජයේ පැතිරීම ආරම්භ වීමත් සමඟ ආසාදිතයන්ගේ මෙම වැඩිවීම සිදුවන්නට ඇතැයි අනුමාන කෙරෙන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා දරුවන්ට ආසාදනයවී ඇත්තේ ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය දැයි අනාවරණය කර ගැනීම සඳහා ඒ දරුවන්ගේ ජෛව පටල සාම්පල ජාන අනුක්‍රමණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද පැවසුවේය.
මේ අවස්ථාවේදී වයස 12ට වැඩි සියලුම දරුවන්ට එක එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීම වැදගත් වන බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේය.
652 Views
Comments