මැණිකේ සියදිවි හානිකර ගන්න පැන්නේ CID ලොක්කන්ගේ වැසිකිළි කවුළුවෙන් - මරණය ගැන සැකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

මැණිකේ සියදිවි හානිකර ගන්න පැන්නේ CID ලොක්කන්ගේ වැසිකිළි කවුළුවෙන් - මරණය ගැන සැකයක්

මැණිකේ සියදිවි හානිකර ගන්න පැන්නේ CID ලොක්කන්ගේ වැසිකිළි කවුළුවෙන් - මරණය ගැන සැකයක්

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා රහස් පොලිසිය වෙත රැගෙන විත් සිටියදී  එහි පස් වන මහලෙන් පැන සිය දිවි හානි කර ගත් කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා.

 

ඒ ඇය පැන අත්තේ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරුන් සඳහා පමණක් වෙන් කර ඇති වැසිකිළියක කවුළුවකින් වීම නිසාය.

 

ඇයට වැසිකිළි යාමට අවශ්‍ය නම් ඇයව රැගෙන යා යුත්තේ සාමාන්‍ය කාන්තා රැදවියන්ගේ වැසිකිළියට බවත් ඇය කෙලෙස මෙම ලොකු මහත්වරුන්ගේ වැසිකිළියට ගියේ කෙසේ දැයි සහ එලෙස යාමට අවශ්‍යතාව මොකක්දැයි මේ වන විට දැඩි ප්‍රශ්ණයක් හට ගෙන තිබෙනවා.

 

අද අලුයම 4 ට පමණ ඇය මෙලෙස එම මහලෙන් පැන ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

 

පන්නිපිටිය,නාමල් උයන සේදගල පදිංචි අප්සරා මැණිකේ රාජපක්ෂ නැමැති 46 හැවිරිදි කාන්තාවක් මෙලෙස සියදිවි හානිකර ගෙන තිබෙන්නේ.ඇය උකස් හා ආයෝජන මණ්ඩලය ඔස්සේ සිදු කළ රුපියල් මිලියන 700 වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරමින් සිටියදියි ඇය මෙලෙස පැන සියදිවි හානි කර ගෙන ඇත්තේ.

 

ඇයගේ මෘත දේහය ඉදිරි විමර්ශන සඳහා කොළඹ ජාතික රෝහලේ තැම්පත් කොට ඇති බවයි පොලිසිය කියා සිටින්නේ.

views

7820 Views

Comments

arrow-up