රත්නා සුමනපාලගේ මුණුබුරා යතුරුපැදි අනතුරින් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

රත්නා සුමනපාලගේ මුණුබුරා යතුරුපැදි අනතුරින් ජීවිතක්‍ෂයට

රත්නා සුමනපාලගේ මුණුබුරා යතුරුපැදි අනතුරින් ජීවිතක්‍ෂයට

කෝපිකඩේ ටෙලි නාට්‍යයේ අලි ජේමිස් හා හාමිනේ(රත්නා සුමනපාල) දෙපළගේ මුණුබුරා හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපි හයිලෙවල් මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ රනාල, ජල්තර නෙලූම් පෙදෙසේ පදිංචිව සිටි නවරත්න බණ්ඩාරලාගේ දුල්ෂාන් මනිෂ්ක සුමනපාල නැමැති 24 හැවිරිදි තරුණයෙකි.

 

ඔහු යතුරුපැදියක් මිලදී ගැනීමට ගොස් ඒ සඳහා තමා සමඟ පැමිණි මිතුරාව නිවසට ඇරලවා නැවත එමින් සිටියදී මාර්ගයේ රැලි සහිත ස්ථානයකින් යතුරුපැදිය ලිස්සා ගොස් වට කීපයක් කැරකැවී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

 

අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදිකරුගේ ආරක්ෂිත හිස්වැසුම ගැලවී තිබෙන අතර හිස මාර්ගයේ තදින් වැදීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ඔහු පාදුක්ක දිසා රෝහලටත් එතැනින් ජාතික රෝහලටත් රැගෙන යමින් සිටියදී අසාධ්‍ය වීම හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව තිබේ. 

 

හංවැල්ල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

views

18440 Views

Comments

arrow-up