ත්‍රිරෝදය පෙරළී අයෙක් මරු තුරුළට - පහකට තුවාල

පුද්ගලයින් 06 දෙනෙකු ගමන් ගත් ත්‍රීරෝද රියක් හොරණ මතුගම මාර්ගයේ වෙල්ගම, දවටගහවත්ත හන්දිය ප්‍රදේශයේදී පෙරළීයාමෙන් එක් අයෙකු මියගොස් වයස අවුරුදු 02ක කුඩා දැරියක් ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගතකළ බව බුලත්සිංහල පොලිසිය පවසයි.
අනතුරින් මෙලෙස මියගොස් තිබෙන්නේ බෙන්තොට, කෝමිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වූ අනුර සමන්ත ගුණවර්ධන නැමැති 46 හැවිරිදි අයයි.
ත්‍රීරෝද රථයේ රියදුරු හැරෙන්නට පිටුපස අසුනේ කුඩා දැරිය සමඟ වැඩිහිටි පුද්ගලයන් සිව් දෙනෙකු ගමන් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ත්‍රීරෝද රථය පෙරලී වට තුනක් කැරකී අනතුරුව මීටර් 14ක් ඉදිරියට ඇදී ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් කානුවට වැටි නතරවී තිබූ බව අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිළධාරියෙක් පැවසීය.
694 Views
Comments