බොරැල්ල දේවස්ථානයක බෝම්බයක් - එස්.ටී.එෆ් කැඳවයි

බොරැල්ලේ දේවස්ථානයක් තුළ තිබී හමුවූ අත් බෝම්බය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (11) පස්වරු 4.40ට පමණ ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ සුරුවම් කූඩුව අසල තිබී අත් බෝම්බය සොයාගෙන ඇත.
ඒ එම දේවස්ථානයේ වැඩකරන පුද්ගලයෙකු විසින් කරන ලද දැනුම්දීමක් අනුවය.
පසුව දේවස්ථානයේ පුජකවරයා විසින් පොලීසියට ඒ පිළිබඳ දැනුම් දී ඇති අතර, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ ද මැදිහත් වීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
811 Views
Comments