ජනපතිගෙන් තරුණයිනට වගා සංග්‍රාමයකට ආරාධනා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

ජනපතිගෙන් තරුණයිනට වගා සංග්‍රාමයකට ආරාධනා

ජනපතිගෙන් තරුණයිනට වගා සංග්‍රාමයකට ආරාධනා

ආහාර සුරක්ෂිතතාවය සඳහා 2022 වසරේ තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිය විවෘත කරමින් සඳහන් කළේය.

 

ඒ අනුව වගා කළ හැකි සෑම ගොඩ මඩ ඉඩමක්ම යොදාගෙන වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුව ඇති බවත් මේ සඳහා සියලු‍ම ගංගා ඇළ දොළ වාරි තාක්ෂණය යොදාගෙන නවීකරණය කර වාරි කර්මාන්තය දියුණු කරන බවත් පැවසීය.

 

එහිදී හරිත ගොවිතැන සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති වෙනස් නොවන බවත් පැවසූ ජනාධිපතිවරයා හරිත ගොවිතැන ආරම්භයේදී නිසි ලෙස ඒ ගැන ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් එය දේශපාලනීය කරණයකට ලක්වූ බවද සඳහන් කළේය.

 

තමා ජනපතිධුරයට පත්වීමේ සතුට පළ කරමින් තාප්ප වල චිත්‍ර ඇඳි තරුණයින්ට වගා සංග්‍රාමයට එක්වන ලෙසද ජනාධිපතිවරයා එහිදී ආරාධනා කළේය.

views

652 Views

Comments

arrow-up