ශ්‍රි පාද වන්දනාකරුවන් රැගත් මෝටර් රථය විදුලි කණුවේ ගැටී තුනක් රෝහලට

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් ගමන්කල මොටර් රථයක් ඊයේ(17) අනතුරට ලක්විමෙන් මොටර් රථයේ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පවසයි.
මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව තිබේ.
ශ්‍රි පාද වන්දනාව අවසන් කර ආපසු පේරාදෙණිය දක්වා මොටර් රථය ධාවනය කරවන අවස්ථාවේ රියදුරාට නින්ද යාමෙන් මොටර් රථය රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ධාවනය වි මාර්ගය අසල පිහිටි අධි බලැති විදුලි කණුවක ගැටි මෙම අනතුර සිදුව තිබේ.
මොටර් රථය අනතුරට පත්වන අවස්තාවේදී එහි තුළ සිව්දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය පවසයි.
මොටර් රථය විදුලි කණුවේ ගැටිමත් සමඟ විදුලි කණුව ප්‍රධාන මාර්ගයට කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30ක පමණ කාලයක් ඇණ හිට තිබුණි.
645 Views
Comments