යුවළකට දිවි අහිමි කල ලොරි යතුරු පැදි අනතුර

ඇල්පිටිය - පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේ යතුරු පැදියක් ලොරියක ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුවළක් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ පැලවත්ත, මිරිස්වත්ත ප්‍රදේශයේ දෙදෙනෙකු බවද පොලිසිය කියයි.
යතුරු පැදිය ලොරියේ ගැටී මීටර් තුන්සියයක් පමණ දුරට ඇදිගොස් ඇති අතර ලොරි රථය අතරමග දමා එහි රියදුරු පැනගොස් සැඟව සිටියදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ යුවළ ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
777 Views
Comments