අතුරුදන් වූවයි කියූ 56 හැවිරිදි කාන්තාවගේ නිරුවත් මලසිරුර කැලෑවකින් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

අතුරුදන් වූවයි කියූ 56 හැවිරිදි කාන්තාවගේ නිරුවත් මලසිරුර කැලෑවකින් හමුවෙයි

අතුරුදන් වූවයි කියූ 56 හැවිරිදි කාන්තාවගේ නිරුවත් මලසිරුර කැලෑවකින් හමුවෙයි

අලු‍ත්ගම ඉහළ පුලියන්කුලම කැලෑ ප්‍රදේශයක තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුව ඇත.

 

පොලීසිය සඳහන් කළේ සාලියවැව, අලු‍ත්ගම ප්‍රදේශයේ කාන්තාවක් අතුරුදහන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව එම ප්‍රදේශයේ සිදුකළ සොදිසියකදී ඇයගේ නිරුවත් මළසිරුර හමු වු බවයි.

 

එම කාන්තාව විසින් ගඩොල් කැපීම සිදුකරන ස්ථානයට යාබද කැලෑවක තිබියදී ඊයේ(17) සවස ඇයගේ මළ සිරුර හමුව තිබේ.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ 56 හැවිරිදි අළුත්ගම. ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

 

සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර මළ සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තිබෙන බවත් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (18) දින සිදුකිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.

views

12754 Views

Comments

arrow-up