ඔමික්‍රෝන් අස්සේ තවත් වෛරස් උණක්

කොවිඩ් 19 වෛරසයට අමතරව රට තුළ තවත් වෛරස් උණ රෝගයක් පැතිර යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ පවතින තත්ත්වය හමුවේ ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.
මේ අතර ඔමික්‍රෝන් සහ කොවිඩ් 19 නව ප්‍රභේද සඳහා මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිර්දේශ 05ක් ඉදිරිපත් කර ඇත.
අදාළ නිර්දේශ ඉදිරි දින කිහිපය තුළ රජයේ බළධාරීන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
666 Views
Comments