වැඩි මිලට සිමෙන්ති අලෙවි කළොත් වැඩ වරදියි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

වැඩි මිලට සිමෙන්ති අලෙවි කළොත් වැඩ වරදියි

වැඩි මිලට සිමෙන්ති අලෙවි කළොත් වැඩ වරදියි

ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් හා විමර්ශන ආරම්භ කර තිබේ.

 

 

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොනරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි සිමෙන්ති වැඩි මිලට විකුණු ව්‍යාපාරික ස්ථාන 56ක් වටලා ඇත.

 

 

ඊට අමතරව සිමෙන්ති විකිණීම ප්‍රතික්ෂ කිරීම, තම සන්තකයේ තබාගෙන නොමැති බව කීම, කොන්දේසි සහිතව අලෙවිය හා තොග සඟවා තබා ගැනීම නොකළ යුතු බවට ද පාරිභෝගික අධිකාරි පනතෙහි සටහන්ව තිබේ.

views

698 Views

Comments

arrow-up