සොත්ති උපාලිගේ බෑනා හෙරොයින් සමග අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

සොත්ති උපාලිගේ බෑනා හෙරොයින් සමග අත්අඩංගුවට

සොත්ති උපාලිගේ බෑනා හෙරොයින් සමග අත්අඩංගුවට

ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක සොත්ති උපාලිගේ බෑනා ලෙස හදුන්වන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග වැල්මිල්ල කැන්දලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ සැකකරු තවත් පුද්ගලයෙකු හමු වීමට එම ප්‍රදේශයේ රැදී සිටින බවට බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීය.

 

අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය  90mg ප්‍රමාණයක් සොයාගෙන තිබෙන අතර පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු මත එම ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙය අසල මල් පාත්තියක වළදමා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7ක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

views

350 Views

Comments

arrow-up