අගමැතිගේ ගිණුමෙන් ගත් මුදල් වාරික ක්‍රමයට ගෙවන්න ලොකුබණ්ඩාර පොරොන්දු වෙයි - පළවෙනි වාරිකයත් ගෙවයි

අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර විසින් අගමැති වරයාගේ ගිණුමකින් අයථා ලෙස ලබා ගන්නා ලද මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඔහු එකඟතාවය පළ කර තිබේ.
ඒ අනුව ඔහු අරලියගහ මන්දිරයට පැමිණ ඉන් රුපියල් මිලියන 02කට වැඩි මුදලක් ආපසු භාරදී ඇත.
අගමැතිවරයාගේ අදාල ගිණුමෙන් රුපියල් කෝටි 05 කට ආසන්න මුදලක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
ඒ අනුව අදාල කටයුතු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගනු ඇතැයිද වාර්තා වේ.
මේ අතර ලොකු බණ්ඩාර පවසා තිබුණේ තමන් එම මුදල් ලබාගත්තේ අග්‍රාමාත්‍යවරයාගේ හිතවතුන්ට සංග්‍රහ කිරීමට බවයි.
එමෙන්ම එම මුදලින් කොටසක් තමන් වෙනත් ආයෝජනයක් සඳහා යොමුකළ බවද ඔහු සඳහන් කර ඇත.
689 Views
Comments