බාලවයස්කාර පෙම 20 හැවිරිදි තරුණයාට සාහාසික මරණයක් හිමිකරදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

බාලවයස්කාර පෙම 20 හැවිරිදි තරුණයාට සාහාසික මරණයක් හිමිකරදෙයි

බාලවයස්කාර පෙම 20 හැවිරිදි තරුණයාට සාහාසික මරණයක් හිමිකරදෙයි

පෙම් සබඳතාවයක සිද්ධියක් දුරදිග යාමෙන් ළාබාල තරුණයෙක් වීදුරු කැබැල්ලකින් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කර තිබේ.

 

කඩවත ඇන්ඩෘස් පටුමග ප්‍රදේශයේ නිවසක ඊයේ(22) අලු‍යම මෙම ඝාතනය සිදුව ඇත.

 

එහිදී ගෙල කැපීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

පොලීසිය සඳහන් කළේ ඊයේ(22) අලු‍යම කඩවත ප්‍රදේශයේ කුලී පදනම මත නැවතී සිටි කාමරයක ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් එම ඝාතනය සිදුව ඇති බවයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ 20 හැවිරිදි ගෝනහේන ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.


ඝාතනය සිදුකළ 19 හැවිරිදි සැකකරු කඩවත ප්‍රදේශයේදීම වීදුරු කැබැල්ලද සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

views

870 Views

Comments

arrow-up