AUG
23
ගිනිගෙන විනාශ වුණු නිමි ඇඳුම් අලෙවිසැල

ගාල්ල, මාගාල්ල ප්රදේශයේ නිමි ඇඳුම් වෙළෙඳසැලක ඊයේ(22) රාත්රියේ ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසල සම්පුර්ණයෙන්ම විනාශවී තිබේ.
ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය සහ නාවික හමුදා ගිනි නිවන ඒකකවල ගිනිනිවන රථ තුනක් ගින්න නිවා දැමීමේ මෙහෙයුම්වලට යොදවා තිබූ බව වාර්තාවේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙන අතර ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
ගාල්ල වරාය පොලීසිය ගින්න සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
336 Views
Comments