සීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ඇරඹෙයි

සීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගාවිය.
එම ගුවන් ගමන සදහා එයාර් බස් A320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබු අතර එම ගුවන් යානයෙන් මගීන් 110 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සූදානම් කර තිබුණි.
අද සිට මෙම සීෂෙල්ස් ගුවන් යානා සෑම සතියකම බදාදා සහ ඉරිදා යන දිනවල ශ්‍රී ලංකාවට පැමිණේ.
226 Views
Comments