රත්ගම ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යයි

සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්ගම ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුරදිගගොස් තරුණයකුගේ හිසට පොල්ලකින් පහරදි බරපතල තුවාල සිදුකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පවසන්නේ එම දෙපාර්ශවය ගාල්ල නගරයේ පැවති සංගිත සංදර්ශනයක් නැරඹිමට ගිය අවස්ථාවේ මොවුන් අතර ගැටුමක් හටගෙන ඇති බවයි.
පසුව එක් කණ්ඩායමක් සංගිත සංදර්ශනය අවසන් වි පැමිණ මග රැක සිට අනික් පාර්ශවයේ තරුණයකුට පොල්ලකින් හිසට පහරදි තිබෙන බව වාර්තා වේ.
අද දිනයේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලීසිය පවසයි.
267 Views
Comments