JUN
07
පොලිස් වාර්තා නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි

විදේශ රැකියා අපේක්ෂකයින්ට පොලිස් වාර්තා ලබාදීමේදී වඩාත් ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
පුද්ගලයන් විදේශ රැකියා සඳහා යාමට පෙර ලබා ගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවේ පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් දැන් ක්‍රියාත්මක කෙරේ.
කොරියාව ඇතුළු රටවලට යන ශ්‍රමිකයන්ගේ පොලිස් වාර්තාවල සුළු වැරදි සහ නිදොස් කොට නිදහස් කිරීම් ඇතුළත් වීම නිසා රැකියා අවස්ථා අහිමි වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.
281 Views
Comments