යෙහෙළිය රවටා දින පහේ සිඟිතිය යෙහෙළියට දී මාරුවෙලා

ගලේවෙල ප්‍රදේශයේ හෝටලයකදී දින 5ක් වයසැති බිළිඳියක් හොඳම යෙහෙළිය රවටා ඇයට බාර දී පලා ගිය බව ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
23 හැවිරිදි කාන්තාවක් අලුත උපන් බිළිඳා සමඟ ගලේවෙල පොලිසියට පැමිණි අතර ඇය පැහැදිලි කළේ තම මිතුරිය හදිසි ගමනක් සඳහා ගොස් සිටියදී ළදරුවා රැකබලා ගැනීමට ඉදිරිපත් වූ නමුත් සවස් වන විට ආපසු නොපැමිණීමයි.
පුත්තලම මූලික රෝහලේ දී තම යෙහෙළිය දරුවකු ප්‍රසූත කළ බවත් ඇය ද, ඇය ප්‍රසූත කළ දරුවා ද කැටුව ඉකුත් 4 වැනිදා ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන සිටි බවත් බිලිඳිය රැගෙන පොලීසියට පැමිණි විසිතුන් හැවිරිදි තරුණිය පවසන්නේ යැයි පොලීසිය කියයි.
බිලිඳිය හොඳම යෙහෙළිය රවටා ඇයට භාර දී පලා ගිය කාන්තාව වැලිමඩ, මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියකි.
සිද්ධිය වාර්තා කළ 23 හැවිරිදි කාන්තාව සහ බිළිඳා යන දෙදෙනාම ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ වනවිට පරීක්ෂණ පවත්වයි.
382 Views
Comments