පොලිසිය ඇතුළදී ගුටි ඇණ ගෙන
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

පොලිසිය ඇතුළදී ගුටි ඇණ ගෙන

පොලිසිය ඇතුළදී ගුටි ඇණ ගෙන

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයට කැදවා තිබූ කණ්ඩායම් දෙකක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය පවසයි.

 

 

වැලිගම මුහුදු තීරයේදී බෝට්ටුවකට අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කිරීම සඳහා කැඳවා තිබූ දෙපිරිසම පොලිසිය සමඟ කළ සාකච්ඡාවකදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් රත්ගම සහ දොඩන්දූව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. මීට අමතරව එක් සැකකරුවෙකු සතුව තිබී තියුණු ආයුධ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

views

284 Views

Comments

arrow-up