පානදුර සාපෙළ සිසුවාට පහර දුන් 5දෙනෙක් අත්අඩංගුවට

අ.පො.ස සාපෙළ විභාගය අතරතුර සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය වාර්තා කර තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරකෑමට ලක්වූ සිසුවා ඉගෙනුම ලබන පානදුර ජනප්‍රිය පාසලේම අපොස සාපෙල විභාගයට පෙනීසිටීන සිසුන් පස්දෙනෙකු බව පොලිසිය කීය.
පහරකෑමට ලක්වූ සිසුවා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට මුත්‍රා මාර්ගයෙන් රුධිර වහනයක් සිදුවෙමින් පවතින බව තහවුරු වී තිබේ.
කෙසේ වෙතත්, පැමිණිල්ල විභාග කිරීම අවශ්‍ය නොවන බවට පැමිණිලිකරු විසින් ඉල්ලා සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත් සිසුන් පස්දෙනා පොලිස් ඇපමත මුදාහැරීය බවද උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය.
174 Views
Comments