තේ දලු නෙලන්නියන්ට සරු කලක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

තේ දලු නෙලන්නියන්ට සරු කලක්

තේ දලු නෙලන්නියන්ට සරු කලක්

වසර දෙකකට පසු තම තේ වතු වල වැඩ කරන වතු කම්කරුවන් රු 50,000 සිට 75,000 දක්වා මාසික වැටුපක් ලබා ගන්නා බව බගවන්තලාව වැවිලි සමාගමේ නොර්වුඩ් කලාප භාර ප්‍රධාන විධායක නිලධාරි ෆෙරොස් මජිත් මහතා පවසා තිබේ.

 

 

තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය යළිත් ලැබීම හේතුවෙන් කර්මාන්තය යථා තත්ත්වයට පත්වීම මීට හේතු වී ඇත.

 

 

තම වතුයායේ වතු කම්කරුවන් දිනකට රු 3000 - 3500 අතර වැටුපකට අමතරවද තේ දළු නෙලන බවත්, ඒ අනුව සෑම මසකම වැටුප 10 වන දින ගෙවන බවත් මේ නිසා වතු කම්කරුවන්ගේ මානසික තත්ත්වය යහපත් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.

 

 

තවද තේ කර්මාන්තය අතහැර ගිය වතු කම්කරුවන් නැවත තේ කර්මාන්තයට එක් වන බවට තමන් තුළ විශ්වාසයක් ඇති බවත්, ලෝක වෙළෙඳපොළේ ශ්‍රි ලංකා තේ සඳහා පවතින ඉහළ ඉල්ලුම හමුවේ කඩා වැටීමේ අවධානමකට ලක් වී තිබු මෙරට තේ කර්මාන්තය යළිත් නගා සිටුවිය හැකි බව ඒ මහතා සඳහන් කර ඇත.

views

284 Views

Comments

arrow-up