දොඩන්දුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් බරපතල අනතුරක්

අද පෙරවරු 11.15 ට පමණ දොඩන්දූව ප්‍රදේශයේ දී මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියේ මෝටර් රථයක් ගැටී ඇති බව වාර්තා වේ.
මෙම අනතුරෙන් ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබෙන අතර ඔවුන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙම ස්වාමීන් වහන්සේ දානමය කටයුත්තකට සහභාගි වී පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන් වේ.
අනතුර සිදු වූ මෙම දුම්රිය හරස් මාර්ගයේ සංඥා නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ප්‍රදේශවාසීන් චෝදනා කර සිටී.
210 Views
Comments