ත්‍රීවිල් උස්සා චැසි අංක වෙනස් කර විකිණූ කල්ලියක් මොරගහහේනෙන් අල්ලයි

ලීසිං පහසුකම මත ලබා ගෙන ඇති වාහන සොරකම් කරමින් ඒවායේ චැසි අංක සහ හැඩය වෙනස් කර යළි අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ තිදෙනෙකු මොරගහහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රීරෝද රථ සොරකම් කළ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වමින් සිටි කැස්බෑව පොලීසිය වෙත ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
එහිදී චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කොට සාදන ලද ත්‍රීරෝද රථ 08 ක්, ඒ සඳහා භාවිතා කළ උපකරණ කිහිපයක් සහ තවත් ලියාපදිංචි අංක තහඩු කිහිපයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.
මෙම පුද්ගලයන් විසින් මීට පෙර මේ ආකාරයෙන් සකස් කරන ලද ත්‍රීරෝද රථ 09 ක් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇති අතර ඔවුන් අද (06) කැස්බෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
215 Views
Comments