ඉන්දියන් බිත්තර හොඳයි කියන අයට දෙවරක් නොව තුන්වරක් හිතා බලන්න කාරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ඉන්දියන් බිත්තර හොඳයි කියන අයට දෙවරක් නොව තුන්වරක් හිතා බලන්න කාරණයක්

ඉන්දියන් බිත්තර හොඳයි කියන අයට දෙවරක් නොව තුන්වරක් හිතා බලන්න කාරණයක්

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර වල කිසිදු ගැටළුවක් නොමැති බව සමස්ත  ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා ඇත.

 

 

එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ මෙරට බිත්තර වලට සාපේක්ෂව ඉන්දීය බිත්තර පිරිසිදු බවින් මෙන්ම ප්‍රමිතියෙන් ද ඉහළ බවයි.

 

 

එබැවින් දියර බිත්තරද මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකර ඇති බව ඔහු ප්‍රකාශ කොට තිබේ.

 

 

මීට අමතරව, ගෑස් මිල අඩු කෙරුණද බේකරි නිෂ්පාදන වල මිල මේ මොහොතේ අඩු කළ හැකිදැයි තවදුරටත් සිතා බැලිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

 

කෙසේ වෙතත්, බිත්තර ප්‍රමිතිය සම්බන්ධයෙන් ඔහු කරන ප්‍රකාශය පිළිබඳ නිගමනයක් ලබා දීමට මධ්‍යස්ථ ජනමාධ්‍යයක් වශයෙන් අපට සදාචාරාත්මක අයිතියක් නොමැති බැවින් ගොවිපොළකින් සෘජුවම වෙළෙඳපොලට ගෙනා නැවුම් නිෂ්පාදනයක් හා සති ගණනක් ශීතකරණ වල තබා වෙළෙඳපොළට ගෙනා නිෂ්පාදනයක් අතරින් වඩාත් ප්‍රමිතියෙන් ඉහළ සහ සෞඛ්‍යයට හිතකර වන්නේ කුමන නිෂ්පාදනයදැයි තෝරා බේරා ගැනීමේ හැකියාව බුද්ධිමත් ආයුබෝ පාඨකයින් සතු වන බව අපගේ විශ්වාසයයි.

views

297 Views

Comments

arrow-up