මොරටුමුල්ලේ දෙදරු පියෙක් පවුල් ආරවුලකට උරණ වී නිවසට ගිනි තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

මොරටුමුල්ලේ දෙදරු පියෙක් පවුල් ආරවුලකට උරණ වී නිවසට ගිනි තබයි

මොරටුමුල්ලේ දෙදරු පියෙක් පවුල් ආරවුලකට උරණ වී නිවසට ගිනි තබයි

මොරටුමුල්ල පොලිස් වසමේ බොල්ගොඩ සිරි මාවත කඩොලාන ප්‍රදේශයේ නිවසක, බිරිඳ සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් සැමියකු විසින් නිවසට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වේ.

 

ස්වාමිපුරුෂයා විසින් එලෙස නිවසට ගිනි තබා ඇත්තේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඥාති නිවසකට ගොස් ඇති අවස්ථාවකදීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර ගින්නෙන් නිවසේ දේපල රැසක් ගිනිගෙන විනාශ වී ඇති බවත්, පාසල් වයසේ පසුවන දරුවන් දෙදෙනාගේ පොත්පත් රැසක්ද ගින්නෙන් පිළිස්සී ගොස් ඇති බවත් වාර්තා වේ.

views

221 Views

Comments

arrow-up