ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩ දාන ලසාඩ් වාර්තාව ලබන මාසයේ නිකුත් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩ දාන ලසාඩ් වාර්තාව ලබන මාසයේ නිකුත් වේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩ දාන ලසාඩ් වාර්තාව ලබන මාසයේ නිකුත් වේ

ලසාඩ් ජාත්‍යන්තර මූල්‍ය සහ වත්කම් කළමනාකරණ සමාගමේ විශේෂ උපදේශාත්මක වාර්තාව ලබන මාසයේදී පමණ ලැබෙනු ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අදාල උපදෙස් ඇතුළත් එම වාර්තාවට අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය කටයුතු කරන බව පැවසූ ඔහු පෙන්වා දුන්නේ ප්‍රතිව්‍යුහගතකරණය කරන හොඳම ක්‍රමවේදය ඔවුන්  එමගින් ඉදිරිපත් කරනු  ඇති බවයි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට අදාළව ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන්  ශ්‍රී ලංකාවට  උපදේශාත්මකව සහාය ලබා දෙන්නේ ද මේ ලසාඩ් සමාගමයි.

views

201 Views

Comments

arrow-up