තලවිල ශාන්ත ආනා පල්ලියේ වාර්ෂික මංගල්‍යය හෙටයි

තලවිල ශාන්ත ආනා දේවස්ථානය භාර මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමා කියා සිටියේ, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට (12) දිනට යෙදී තිබෙන අතර මෙම උත්සවය සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටින බවයි.
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් විශේෂ දුම්රිය 7 ක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව අද සිට අනිද්දා දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොළගේ මහතා කියා සිටියේ ය.
316 Views
Comments