ඉන්ධන මිල අඩු වුවහොත් බස් ගාස්තු අඩු කළ හැකි බව බස් හිමියෝ කියති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

ඉන්ධන මිල අඩු වුවහොත් බස් ගාස්තු අඩු කළ හැකි බව බස් හිමියෝ කියති

ඉන්ධන මිල  අඩු වුවහොත් බස් ගාස්තු අඩු කළ හැකි බව බස් හිමියෝ කියති

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග ඉන්ධන මිල පහළ ගියහොත් ජුනි මාසයේදී සිදු කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනයේ දී බස් ගාස්තු අඩු විය හැකි බවයි.

 

කෙසේ වෙතත් ඉන්ධන මිල අඩු වුවහොත් පමණක් බස් ගාස්තු අඩු කළ හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේය. ඉන්ධන මිල අඩු නොවන්නේ නම් ජුනි මාසයේ සිදු කිරීමට නියමිත සංශෝධනයේ දී බස් ගාස්තුව වැඩි විය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

වාහන අමතර කොටස් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති තුසිත අල්විස් මහතා කියා සිටියේ, වාහන අමතර කොටස් මිල අඩු වීමට තවත් මාස කිහිපයක කාලයක් ගතවනු ඇති බවයි.

views

214 Views

Comments

arrow-up