වසංගතයට පසු ෂැංහයි සිට පැමිණෙන පළමු සංචාරකයින් පිරිස මෙරටට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

වසංගතයට පසු ෂැංහයි සිට පැමිණෙන පළමු සංචාරකයින් පිරිස මෙරටට

වසංගතයට පසු ෂැංහයි සිට පැමිණෙන පළමු සංචාරකයින් පිරිස මෙරටට

කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට මෙරටට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල වෙත ළඟා විය.

 

ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්. යූ  231 දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණි අතර 181 දෙනෙක්ගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 7 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව වාර්තා වේ.

 

ඊයේ (10) සිට සෑම සතියකම චීනයේ ෂැංහයි සහ කුංමිං ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිට ගමන් වාර 6 ක් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ යානා මෙරටට පැමිණීමට නියමිතය. පසුගිය පළමුවනදා ද  චීනයේ ග්වැන්ෂෝ නුවර සිට සංචාරකයන් 117 දෙනෙකු රැගත් යානාවක් මෙරටට පැමිණ තිබේ.

views

220 Views

Comments

arrow-up