ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර ගාස්තු පහළ දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර ගාස්තු පහළ දමයි

ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර ගාස්තු පහළ දමයි

ඇමරිකානු ඩොලරයේ මිල අඩු වීමට සමානුපාතිකව ගුවන් ප්‍රවේශපත්‍ර වල මිල ගණන් අඩු කරන ලෙස මෙරට ගුවන් සේවා සමාගම් වල නියෝජිතයින්ගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව, ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් 20% කින් පමණ අඩු කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටී.

 

ඉදිරියේදී ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු මිල ගණන් තවදුරටත් අඩු කිරීමට එම සමාගම පොරොන්දු වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 

මෙරට ක්‍රියාත්මක වන ගුවන් සේවා සමාගම් වල නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇති අතර, රටේ වත්මන් ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් අඩුවීමත් සමග සංචාරකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව එහිදී අනාවරණය විය.

 

ඒ අනුව ගුවන් සේවා හතක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර භූමි මෙහෙයුම් වල යම් ප්‍රමාදයක් හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ යම් මගී තදබදයක් පවතින බව ගුවන් සේවා සමාගම් වල නියෝජිතයින් මෙහිදී පෙන්වා දී තිබේ. එම භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන්, ශ්‍රී ලංකා ගුවන්තොටුපල සමාගම වෙත පැවරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

views

248 Views

Comments

arrow-up