ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම ගැන අදහස් සහ යෝජනා ලබා ගැනීමේ තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම ගැන අදහස් සහ යෝජනා ලබා ගැනීමේ තීරණයක්

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම ගැන අදහස් සහ යෝජනා ලබා ගැනීමේ තීරණයක්

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ දී ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වරුන්ගේ සංගමය සමඟ පැවති හමුවකදී අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියා.

මෙහිදී සංගම් නියෝජිතයන් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී පුළුල් කෘෂිකාර්මික වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බැවින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා ග්ලයිපොසේට් තහනම ඉවත් කළ යුතු බවයි.

views

280 Views

Comments

arrow-up