JUL
28
මෙරට නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වා දෙයි

මෙරට නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය අද(28) හඳුන්වා දී තිබෙනවා.
අයිඩියල් මෝක්ෂ නමින් එය වෙළඳපොළට නිකුත්කර ඇත්තේ අයිඩියල් මෝටර්ස් විසිනුයි.
ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කළ හැකි මෙම මෝටර් රථයේ එක් ආරෝපණ වාරයකින් කිලෝ මීටර් 200 ක දුරක් ගමන් කළ හැකියි.
වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට තිරසාර හා පරිසර හිතකාමී විසඳුමක් ලෙසයි මෙම මෝටර් රථය වෙළෙඳ පොළට හඳුන්වා දී තිබෙන්නේ.
380 Views
Comments