JUN
23
රතන හිමි CID යට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි අද(23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයකට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.
පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින්, රෝයල් පාක් ඝාතනය විත්තිකරුට ජනාධිපති සමාව ලබා දෙන ලෙස රතන හිමියන් ඇතුළු පිරිසක් ඉල්ලීම් කළ බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.
297 Views
Comments