කෝටි හයක අයිස් තලේමන්නාරමෙන් අල්ලයි

නාවික හමුදා සෝදිසි කිරිමකදී, නීතිවිරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලේමන්නාරම, වැලිපර මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබියදී නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙලෙස සොයාගත් කිලෝ ග්‍රෑම් 4 කුත් ග්‍රෑම් 500 ක බරින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 67.5 කට අධික බව හෙළි වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය පාර්සල් හතරක අසුරා තිබූ බව නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ජාවාරම්කරුවන් විසින් හමුදා නිරීක්ෂණයට හසු නොවී පැන යාමට උත්සාහ කිරීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදට දමා ඇති බවට නාවික හමුදාව සැක පළකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාවලිය සිදු වන තෙක් බාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා භාරයේ තැබෙනු ඇත.
213 Views
Comments