පුත්තලමේ මන්ත්‍රී අලි සබ්‍රි ගේ පහරදීමකින් කාතිවරයෙක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

පුත්තලමේ මන්ත්‍රී අලි සබ්‍රි ගේ පහරදීමකින් කාතිවරයෙක් රෝහලේ

පුත්තලමේ මන්ත්‍රී අලි සබ්‍රි ගේ පහරදීමකින් කාතිවරයෙක් රෝහලේ

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි විසින් ඊයේ (26) රාත්‍රියේ දී ඔහුගේ දියණියගේ නිවසේ දී තමන්ට පහර දුන් බවට පවසමින් කාති අධිකරණයේ කාතිවරයෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්ව ඇති බව වාර්තා වේ.

 

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ මොහොමඩ් රහමතුල්ලා මොහොමඩ් න්ම් අයෙක් බව සඳහන් වේ.

 

පුත්තලම කාති අධිකරණයේ කාතිවරයා ලෙස සේවය කළ ඔහු දූෂිතයෙකු බව පවසමින්, ඔහුඒ එම තනතුරෙන් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබ්‍රි මහතා පුත්තලම ජුම්මා දේවස්ථානයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති අතර, තමන් පත් කර ඇත්තේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය හරහා වන බැවින් ජුම්මා දේවස්ථානයේ පාලක මණ්ඩලයේ නියෝගය පිළිගත නොහැකි බව කාතිවරයා පවසා තිබේ.

 

මේ සම්බන්ධයෙන් කතා බහ කිරීම සඳහා මන්ත්‍රීවරයා කාතිවරයා ව තම දියණියගේ නිවසට කැඳවා ඇති අතර, එම අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමකින් පසුව මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසා සිටී.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුත්තලම පොලිසිය විසින් සිදු කෙරේ.

views

230 Views

Comments

arrow-up