බන්දුලගේ හූ සිද්ධියට පිටිපන ජනතාවගෙන් සැර ප්‍රතිචාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

බන්දුලගේ හූ සිද්ධියට පිටිපන ජනතාවගෙන් සැර ප්‍රතිචාරයක්

බන්දුලගේ හූ සිද්ධියට පිටිපන ජනතාවගෙන් සැර ප්‍රතිචාරයක්

හෝමාගම පිටිපන මංසන්ධිය අසල මුල්ගල් තැබීමේ අවස්ථාවකට එක්වූ ප්‍රවාහන හා මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට හූ කියා විරෝධය පළ කළ සිදුවීමක් පසුගිය 23 වැනි දා වාර්තා වූ අතර, එම පුද්ගලයාට එරෙහිව අමාත්‍යවරයා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර, අනතුරුව ඇප මත මුදා හැර ඇත.

 

ඇමතිවරයාගේ බලපෑම් මත තමන්ට එරෙහිව බොරු චෝදනා ගොනුකර අධිකරණය වෙත ඉදිරිපත් කළ බව මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා සඳහන් කර ඇති බව වාර්තා වේ.

 

මෙම සිදුවීමෙන් අනතුරුව බොරු චෝදනා මත පොලිසිය කටයුතු කිරීමට විරෝධය පෑමක් ලෙස, ප්‍රදේශවාසීන් විසින් හෝමාගම පිටිපන හන්දිය 'බන්දුල "හූ"කාපු' හන්දිය ලෙස නම් කර නාම පුවරුවක් මේ වන විට එල්ලා ඇති බව වාර්තා වේ.

views

304 Views

Comments

arrow-up