14 හැවිරිදි දැරිය ගැබිනියක කළ පාපතරයින් සහ අනුබල දුන් දැරියගේ මව අත්අඩංගුවට

අවුරුදු 14 යි මාස 07ක් වයසැති දැරියක් දූෂණයට ලක්වී ඇතැයි පොලිසියට ලැබුණු තොරතුරක් මත කරන ලද පරීක්ෂණයකදී මෙම සිදුවීම අනාරණය වී තිබේ.
මෙම දැරියගේ පියා කුළී වැඩ කරන අතර මවට රැකියාවක් නොමැත.
දැරිය උදරයේ වේදනාවක් යැයි මවට පැවසීමත් සමඟ හාලිඇල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කිරීමේදී ඇය ගැබ්ගෙන ඇති බවත් ඇය මාස 04ක ගැබිනියක් බවත් හඳුනාගෙන ඇත.
මෙම සිද්ධියට අදාළ පළමු සැකකරු බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකි.
දැරියගේ මවගෙන් ඔහුට කාන්තාවක් සොයා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් මත මෙය සිදු වී ඇති අතර මව විසින් තම දියණිය සමඟ සබඳතා පැවැත්වීමට ඔහුට ඉඩදී තිබේ.
පළමු සැකකරු 41 හැවිරිදි විවාහකයෙකු බව සඳහන් වන අතර ඔහුට වයස අවුරුදු 07ක පුතෙකු ද සිටී.
දෙවන සැකකරු දැරියගේ නිවසේදී ඇයව දූෂණයට ලක් කර ඇති අතර ඔහු 39 හැවිරිදි පුද්ගලයෙකි. දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන මොහු පල්ලියක පූජකයෙකු ලෙස කටයුතු කරනු ලබයි.
ඔහුට 19 හැවිරිදි දියණියක් සහ අවුරුදු 16 සහ 08 හැවිරිදි දරුවන් සිටී.
මොවුන් සියල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
දැරියගේ මවද සිද්ධියට අනුබලදීම මත අත්අඩංගුවට ගෙන ඇත.
හාලිඇල පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
763 Views
Comments