පාර වැරදුණු දුම්රිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

පාර වැරදුණු දුම්රිය

පාර වැරදුණු දුම්රිය

අද (27) උදෑසන ගම්පහ සිට කොළඹ බලා ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් එම මාර්ගයේ සිට එකවරම කොලොන්නාව තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම හේතුවෙන් ඒ දුම්රියේ පැමිණි මගීහු කලබලයට පත්ව තිබේ.

 

තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ මද දුරක් ඉදිරියට ගමන් කර ඇති එම දුම්රිය පසුව නවත්වා, නැවතත් දෙමටගොඩ දුම්රිය ස්ථානය දක්වාම පසුපසට ගමන් කරවා නැවත ඉදිරියට ධාවනය කිරීමට එහි රියදුරා කටයුතු කර තිබුණි.

 

දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවට දුම්රිය පාලන මැදිරියේ නිලධාරියකු පැවසූ අතර එය පාලන මැදිරිය දැනුවත්ව සිදුවූවක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

views

299 Views

Comments

arrow-up