ඩිල්මා තේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් මාහැගි මෙහෙවරක් ඉටු කළ ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
1930 වසරේ මැයි මස 06 වනදා මීගමුව පල්ලන්සේන ප්‍රදේශයේ දී උපත ලැබු මෙරිල් ජෝසප් ප්‍රනාන්දු මහතා මිය යන විට 93 වන වියේ පසුවුණි.
1950 දශකයේ දී තේ රස පර්යේෂකයෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ මෙරිල් ප්‍රනාන්දු මහතා පසුකාලීනව තේ වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළේය.
මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ඩිල්මා තේ ව්‍යාපාරය ආරම්භ කළේ 1970 දීයි.
ඩිල්හාන් සහ මලික් යන ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් සම්බන්ධ කරගනිමින් Dilmah තේ සන්නාමය නිර්මාණය කර ඇති අතර ඩිල්මා තේ, හුදෙක් කර්මාන්තයක් සහ ආයතනයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය පුරාවෘත්තයකි.
282 Views
Comments