JUL
20
අධික උෂ්ණත්වය හේතුවෙන් නිවෙස් වලට වී සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

අධික උෂ්ණත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ඇරිසෝනා වැසියන්ට නිවෙස් වලට වී සිටින ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඇරිසෝනා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ෆීනික්ස් හි වැසියන්ටයි.
එම නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ක මට්ටමක අඛණ්ඩව දින 18ක් පුරා පැවතුණා.
නගර වැසියන්ට උපදෙස් දී තිබෙන්නේ ජලය පානය කරමින් අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වීම සඳහා නිවෙස්වලට වී සිටින ලෙසයි.
ඇමෙරිකාවේ නිරිත දෙසට වන්නට ෆීනික්ස් නගරය පිහිටා ඇති අතර කාන්තාරවලින් වට වී තිබීම විශේෂත්වයක්.
ෆීනික්ස් නගරයෙහි මිලියන 1.6ක ජනගහනයක් වාසය කරනවා.
284 Views
Comments